කාන්තාවන් මුහුණු වසාගත යුතුය යන වැරදි මතය සමාජගත කළේ උලමා සංවිධානයයි!-අබ්දුල් රාසික්

June 20, 2019 at 5:17 pm | by emanisa.lk

උලමා සංවිධානය විසින් මුස්ලිම් කාන්තාවන් මුහුණු ආවරණය නිසැකයෙන්ම සිදු කළ යුතු බවට පවසා ඇතත් එවැන්නක් ශුද්ධ වු කුරානයේ නොමැති බව සිලා්න් තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් පවසයි.

පාස්කු කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

නබි නායකතුමාට භාර්යයාවන් 11 දෙනෙකු සිටි හෙයින් ඔවුන් මුහුණු ආවරණය කර ගෙන සිටි බවත් වෙනත් කාන්තාවන්ට එය අදාළ නොවන බවත් හෙතෙම කියා සිටියේය.

වහාබ්වාදය යනු ත්‍රස්තවාදය නොවන බවත් ලංකාවේ වහබ්වාදය කිය ත්‍රස්තවාදය උගන්වන තැන් කිසිවක් නොමැති බවත් තව්හීද් යනු එකම දෙවියන් ඇඳහීම වන අතර එම දෙවියන්ට සමාන කිසිවක් හෝ කිසිවෙක් නොමැති බව යැයි ද පවසා සිටියේය.

තමා මද්‍රසා පාසල්වල ඉගෙන ගෙන නොමැති බවත් පෞද්ගලික වශයේන අරාබි භාෂාව ඉගෙන ගෙන ඇති බවත් පැවසු රාසික් ආගමික වියතුන්ගේ සංවිධානය සමඟ තමන්ට සම්බන්ධතාවක් නොමැති බවත් එමගින් සමස්ත මුස්ලිම් ජනතාව නියෝජනය නොවන බවත් පැවසීය.

හලාල් යනු කුරානයේ සඳහන් සංකල්පයක් නොව අලුත් සංකල්පයක් බව පසුගියදා උලමා සංවිධානයේ සභාපතිවරයා පාස්කු කාරක සභාව හමුවේ පිළිගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස