ජනාධිපති අපේක්ෂත්වයට සජිත් ප්‍රේමදාස තෝරාගත්තේ හොඳට කිරා මැන බැලීමෙන් අනතුරුව බව දඹර අමිල හිමි පවසයි.
“අපි තෝරගෙන තිබෙනවා, හොඳට කිරලා බලලා හිරු එළියට අල්ලා කපලා කොටලා හොඳට උරගලේ ගාල හිටගෙන බලලා වාඩි කරලා බලලා ප්‍රශ්න අහලා නූතන ලෝකයත් එක්ක යන්න පුළුවන් ද බලලා විශාල පරීක්ෂණයකින් පස්සේ හොඳට තෙම්පරාදු කරලා තමයි, සජිත් ප්‍රේමදාස මහත්තයා 21වෙනිදායින් පස්සේ ඕගොල්ලාගේ නායකයා කරගන්න කියලා කියන්නේ.
හරිම දක්ෂයි. කවුරුවත් තල්ලු කරන්න ඕන නෑ. තමන්ට දැක්මක් තීනවා. දේශපාලන දැක්ම ෂෝක්. ආර්ථික දැක්ම ඊට හපන්.. හොඳායි..සංස්කෘතික දැක්ම ඊටත් හපන්.. හොඳයි..ජාත්‍යන්තර සබඳතා පටපට ගාලා හරියට තෝරන්න පුළුවන්.
උවමනා මොකක්ද කියලා කල්තියා ඉව අල්ලලා කියන්න පුළුවන්. සක්වල හුස්ම ආවේ ඒකට. බස් දුන්නේ ඒකට. මොනවාද හත්තිලව් කාන්තාවන්ට දුන්නේත් ඒකට. කල්තියා දන්නවා මොනවාද කරන්න ඕන කියලා. පොළොව පළාගෙන යන්න ඔක්කෝටම ඇහෙන්න සජිත් සජිත් සජිත් කියන්න.”
සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීම සඳහා පැවැති ජනරැලියක් අමතමින් දඹර අමිල හිමි මේ බව කීය.