කාන්තාවකට එන්නත් දෙකක් දීමේ සිද්ධිය යටගහන්න හදලා…!

July 22, 2021 at 10:32 pm | by emanisa.lk

තමාට කොවිඩ් මර්දන එන්නත් දෙකක් එකවර ලබා දුන් බව වසන් කිරීමට සෞඛ්‍ය නිලධාරීන් උත්සාහ කළ බව ප්‍රියංකා කුමාරි චෝදනා කරයි.

පේරාදෙණිය ප්‍රදේශයේ දී මොඩර්නා එන්නත් මාත්‍රා දෙක ම එකවර ලබා දීමේ සිදුවීමට මුහුණ පෑ ප්‍රියංකා කුමාරි අද (22) මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළාය.

එන්නත දෙවරක් විදීම ගැටලුවක් නොවන බවත් කිසිවෙකුට ඒ බව නොපවසන ලෙසත් එහි සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසා තිබේ.

කාන්තාව ක්ලාන්ත වීමත් සමඟ එන්නත ලබා දුන් මධ්‍යස්ථානයේ දී ම ඔක්සිජන් ලබා දී ඇති අතර නිවසට පැමිණි විට නැවත අපහසුතා මතුව තිබේ. එහි දී නැවත මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඇමැතූ විට පවසා ඇත්තේ එය එතරම් ගණන්ගත යුතු තත්ත්වයක් නොවන බවත් බෙහෙත් දෙකක් විදීමක් සිදු නොවූ බවත් ය.

කෙසේ වුව අදාළ කාන්තාව රෝහල්ගත කර සිදුවීම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඈ පරික්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇයට එන්නත් දෙකක් විද ඇති බව තහවුරු කර ඇතැයි පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *