කාදිනල්තුමා ඇතුළු රටේ ඉල්ලීමක් ඉටුවෙයි! ආගම්වලට වෙන වෙනම අමාත්‍යංශ නෑ! බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය විතරයි!

November 24, 2019 at 7:36 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පත්කළ නව කැබිනට් මණ්ඩලයේ අගමැති මහින්ද රාජපක්ෂ මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන, නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ඒ අනුව මෙතෙක් පැවති බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ආදී වශයෙන් පැවති සියලු අමාත්‍යංශ එක ඇමතිවරයකු යටතට පත්කර ඇති අතර බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ ඒවා ක්‍රියාත්මක වෙයි.

වෙන වෙනම ආගම් සඳහා අමාත්‍යංශ වෙන්කර ඇමති ධුර ලබා දීම අන්තවාදයට අතවැනීමක් බවත් වහාම එකම අමාත්‍යංශය යටතට ආගමික කටයුතු භාරදෙන ලෙසත් මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමා ඇතුළු ජනතාව ඉල්ලා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස