කාති උසාවි පුරප්පාඩු පිරවීමට අධිකරණ ඇමැතිගේ සම්බන්ධයක් නෑ…!

January 22, 2021 at 12:44 pm | by emanisa.lk

කාති උසාවිවල පුරප්පාඩු වී ඇති කාති විනිසුරු ධුර පත්කිරීම සඳහා ගැසට්ටුවක් නිකුත් කිරීම සහ අධිකරණ අමාත්‍යංශය අතර සබඳතාවක් නොමැති බව වාර්තා වෙයි.

මෙම කාති පුරප්පාඩු පිරවීම සඳහා අයඳුම්පත් කැඳවා ඇත්තේ ස්වාධීන අධිකරණ කොමිෂන් සභාව මගිනි.

එය අධිකරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් නොව ව්‍යවස්ථා සභාව මගින් පත් කරනු ලබන ස්වාධීන ආයතනයකි.

ව්‍යවස්ථා සභාව පත් කරනු ලබන්නේ ජනාධිපති, අගමැති, විපක්ෂ නායක සහ කතානායක විසිනි.

අධිකරණ කොමිෂන් සභාව මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම මෙන් ම ස්වාධීන ආයතනයකි.

කෙසේ වුව ද පසුගිය සමයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් දෝෂ දර්ශනයට ලක් කළේ අධිකකරණ ඇමැති අලි සබ්‍රිය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස