ලංකාවේ මිනී පෙට්ටියට ජාත්‍යන්තර ඉල්ලුමක්…! පළමු ඇනවුම ලෙස පෙට්ටි 1000ක් වියට්නාමයට..

September 2, 2021 at 12:43 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අඩු වියදම් කොවිඩ් මිනී පෙට්ටිය සඳහා මේ වන විට ජාත්‍යන්තර ඉල්ලුමක් ඇතැයි වාර්තා වෙයි.

කොවිඩ් ආසාදිතයින් සඳහා රු. 30, 000-40, 000ක් වැය කර මිනී පෙට්ටි ලබා ගැනීම අසීරු නිසා මෙම කාඩ්බෝඩ් මිනි පෙට්ටිය හඳුන්වා දෙනු ලැබිණි.

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී පියන්ත සහබන්දු ඇතුළු පිරිසක් මෙම ව්‍යාපෘතිය හඳුන්වා දුන් අතර එම පෙට්ටියක මිල රු. 5000කි.

පහසුවෙන් දැවී යන ගස් කැපීම සීමා වන මෙම මිනී පෙට්ටිය ඉතා ම පරිසර හිතකාමී වන අතර මේ වන විට ඒ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ද ලැබී තිබේ.

ඒ අනුව වියට්නාමයෙන් ලැබී ඇති පෙට්ටි 1000ක ඇනවුම එළඹෙන සඳුදා නැව්ගත කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *