ක්‍රිකට් පරිපාලනයට හෝ ක්‍රිකට් ක්‍රීඩා කරන්න කිසිම අදහසක් නෑ…!

October 13, 2021 at 11:20 pm | by emanisa.lk

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට සූදානම් බවට ඇතැම් මාධ්‍ය පළකර තිබූ වාර්තාවල කිසිදු සත්‍යයතාවක් නැතැයි රෝහිත රාජපක්ෂ පවසයි.

එසේ ම තමා එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමේ අරමුණින් පුහුණු කටයුතුවල නිරත වන බවට පළවන කතා ද අසත්‍ය බව අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුතු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

මාධ්‍ය ඔස්සේ කිසිදු තහවුරු කර ගැනීමකින් තොරව මෙවැනි අසත්‍ය පුවත් පළකිරීම ඉතා ම වගකීම් විරහිත ක්‍රියාවක් බව ද රෝහිත රාජපක්ෂ පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *