ක්‍රිකට් නංවන්න බිරින්දෑවරුන්ට සීමා පැනවීමේ සූදානමක්!

February 11, 2019 at 3:05 am | by admin

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට සීමා පැනවීම කෙරෙහි ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග විදෙස් තරග සංචාරවලට එක්වන ක්‍රීඩකයින්ගේ බිරිදෑවරුන්ට මෙම සීමා පැනවීම සිදුවනු ඇති බව වාර්තා වෙයි.

එ් අනුව දින 40කට වැඩි විදෙස් තරග සංචාර සඳහා පමණක් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට එක්වීමට අවසර ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇත.

කෙටි විදෙස් තරග සංචාර සඳහා ක්‍රීඩකයන්ගේ බිරිදෑවරුන්ට සහභාගී වීම ඒ අනුව ඉදිරියේදී අහිමි වනු ඇත. බලධාරීන්ගේ අදහස බිරින්දෑවරුන් විදෙස් තරග සංචාරවලට එක්වීම ක්‍රීඩකයන්ටද එක්තරා පීඩනයක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *