ක්‍රිකට් ආයතන තීන්දුව ආපසු හරවයි…! ක්‍රීඩකයින්ට නැවතත් වාර්ෂික කොන්ත්‍රාත්…!

August 14, 2021 at 12:38 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් රැගෙන එන්නේ මෙම ක්‍රීඩකයන් නිසා ක්‍රීඩකයන් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ක්‍රිකට් බලධාරීන් හැටියට ක්‍රීඩකයන් නොසලකා හැරිය නොහැකි බවත් මොහාන් ද සිල්වා කීය.

මීට පෙර කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන්ට අමතරව තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකු කොන්ත්‍රාත්තුවට ඇතුළත් වන බවත් පෙර පැවති කොන්ත්‍රාත්තුවම ලබාදීමට මේ වන විට තීරණය කර ඇති බවත් මොහාන් ද සිල්වා සඳහන් කළේය.

මෙම වාර්ෂික කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වූ අතර ක්‍රීඩකයන් මේ හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වීමට ද කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජික මුත්තයියා මුරලිදරන් මීට පෙර පැවසුවේ ක්‍රීඩකයන්ට මෙම වසර සඳහා කොන්ත්‍රාත් ගිවිසුම ලබා නොදෙන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *