ක්‍රිකට්වට ජෙරම් එන්නේ රෝහිත එයාගේ දුව බඳින්නත් කලින්…! ඔහුගේ පත්වීම ක්‍රිකට් ආයතනයේ ස්වාධීන තීන්දුවක්….! – නාමල්

January 27, 2021 at 5:11 pm | by emanisa.lk

රාජපක්ෂ පවුලේ කිසිවෙකු සිය අමාත්‍යංශයේ හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කිසිදු තනතුරක නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයට පත් වූ ජෙරම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ලය සමඟ සම්බන්ධ වී ඇත්තේ සිය සහෝදරයා ඔහුගේ දියණිය විවාහ කරගැනීමටත් පෙර බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඔහු පත් කිරීම ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීන්දුවක් බවත් ඊට ඇඟිලි ගැසීමට ඇමැතිවරයාට කිසිදු අයිතියක් නොමැති බවත් ක්‍රීඩා ඇමැති නාමල් සඳහන් කරයි.

ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ වෙන යම් ආයතනයක් සිය කාර්යභාරය නිවැරදි ලෙස ඉටු නොකරන මොහොතක එය නියාමනය කිරීමට අමාත්‍යංශය ලෙස මැදිහත් වන බව ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *