ක්ෂමා මහ ලේකම් වෙල්ලමුල්ලිවයික්කාල් කොටි සමරුවක…!

May 18, 2024 at 6:12 pm | by emanisa.lk

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ මහ ලේකම් ඇග්නස් කැලමාඩර් වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ යුද්ධයෙන් මිය ගිය පිරිස් සැමරීමට එකතු වී තිබේ.

වෙල්ලමුල්ලිවයික්කාල්හි ස්මාරකයට මල් පහන් දල්වා යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිපත් කළ ඇග්නස් කැලමාඩර්, දෙමළ ජනතාවට යුක්තිය ඉටු කරලීමට කැපවන බව ද ප්‍රකාශ කර තිබේ.

උතුරේ සමාජ ක්‍රියාධරයන් පිරිසක් ද මෙම අවස්ථාවට එකතු වී ඇත. ක්ෂමා සංවිධාන මහ ලේකම්වරිය මුලතිව් ඇතුළු ප්‍රදේශ කිහිපයක තවත් සැමරුම් කිහිපයකට එකතු වී ඇති අතර යුද සමයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් සමග සාකච්ඡා කොට තිබේ.

ශ්‍රී ලංකා රජය මෙම කොටි සැමරුම් සඳහා ඉඩලබා දීම බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *