ක්‍රීඩා නි. ඇමති පවුල පිටින් පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් සොයා ඕස්ට්‍රේලියාවට…?

February 11, 2025 at 11:12 am | by emanisa.lk

ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ.

ඔහු පවුලේ සාමාජිකයන් ද සමඟ ඕස්ට්‍රේලියාවට ගොස් ඇති අතර ඊට අදාළ ඡායාරූප ද සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

කෙසේ වුව ද මෙම පුවත මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත. මේ වන විට දමයන්ති දර්ශා, සුසන්තිකා ජයසිංහ ආදී ප්‍රවීණ ක්‍රීඩකයන් ද ඕස්ටේලියාවට සංක්‍රමණය වී ඇත.

මේ අතර ඇතැම් වාර්තා සඳහන් කරන්නේ සුගත් තිලකරත්න සංචරයක් සඳහා විදෙස්ගතව ඇති අතර පෙබරවාරී 20 වෙනිදා නැවත පැමිණෙනු ඇති බවයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *