කළගුණ දත් වෛද්‍ය ෂාෆි CIDයේ ශානිට සහ තිසේරා ස්තූති කරයි!

November 5, 2019 at 8:16 am | by emanisa.lk

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන්ට සිංහල මව්වරුන් සඳහා වඳ සැත්කම් කළ බවට බරපතළ චෝදනාවක් එල්ල විය. ඔහු අයථා ලෙස දේපළ උපයා ගැනීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධානාගාරගත කළේය.

යම් යම් දේශපාලන සහ වෙනත් බලපෑම් හමුවේ පසුගිය කාලයේ ඔහු නිදහස් වූ අතර දිගු නිහැඬියාවකින් (03) සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග කළ සාකච්ඡාවකදී පුද්ගල චරිත දෙකකට විශේෂ ස්තූතියක් සිදු කර ඇත.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශානි අභයසේකර සහ සහකාර පොලිස් අධිකාරී තිසේරාටය.

තමාට එරෙහිව නැගුණු චෝදනාවලදී අපක්ෂපාතී ලෙස කටයුතු කරමින් විශිෂ්ට කාර්යයක් ඉටු කිරීම සම්බන්ධව ඔවුන් දෙදෙනාට ෂාෆි ෂිහාබ්දීන් මෙලෙස විශේෂ ස්තූතියක් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස