කළගුණ දත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න! මෛත්‍රීට ගැවුණු කෙනෙකුට ඡන්දේ දෙන්න එපා! – ප්‍රසන්න

March 5, 2020 at 4:10 pm | by emanisa.lk

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දේශපාලිනකව සම්බන්ධ කිසිවෙකුට ඡන්දය ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ගම්පහ මහර පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

කළගුණ දන්නා මිනිසුන් පාර්ලිමේන්තු යැවීමේ වගකීම ජනතාව සතු බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝජනය කරන කිසිවෙකුටත් ඡන්දයක් ලබා නොදෙන්නැයි පැවසු අමාත්‍යවරයා, මෙලෙස පැවසු බව දැන ගත් විට පක්ෂ නායක රැස්වීමේ දී තමාට පහර ගසනු ඇතැයි ද පැවසීය.

කවුරු නොසිටියත් ගම්පහ ජනතාව තමා රකිනු ඇතැයි තමා තුළ විශ්වාසයක් පවතින බවත් පැවසු අමාත්‍යවරයා, පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලය සමඟ අගමැති ධූරයට මහින්ද රාජපක්ෂ පත් කිරීම වගකීම වන බවත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස