කසළ පිරුණු කොළඹ ගඳ ගසයි! ඉන්න හිතෙන රට කුණු වෙයි!

August 8, 2019 at 2:32 pm | by emanisa.lk

කෙරවලපිටිය අංගනයට කසළ බැහැර කිරීම අත්හිටුවීමත් සමඟ අද (08) තෙවන දිනටත් කොළඹ නගරයේ තැන තැන කසළ ගොඩගැසී තිබෙනු දක්නට ලැබුණි.

මේ අතර කොළඹ මහනගරසභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවසුවේ, කොළඹ නගරයේ දෛනිකව එක්රැස්වන කසළ අද සිට පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට රැගෙන යාමට කටයුතු කරන බවයි.

ඊයේ රාත්‍රියේ ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාවත් සමඟ මේ වන විට ඒවායෙන් දැඩි දුර්ඝන්ධයක්ද පැතිර යමින් පවතියි.

කසළ ඉවත්කිරීමේ නිරත නගරසභා සේවකයන් පවසන්නේ බැහැර කිරීමට නිශ්චිත ස්ථානයක් ලබා නොදීම හේතුවෙන් කසළ එම ස්ථානවලම අත්හැර තැබීමට සිදුව ඇති බවයි.

මේ වන විට නගරය කසළවලින් පිරී යාම නිසා දැඩි දුර්ගන්ධයක් වහනය වන අතර ඇද වැටුණු වර්ෂාව සමග විවිධ රෝගාබාධ පැතිර යාමේ අවධානමක් මතුව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයේ කටයුතු කරන සමයේ කසළ බිඳක් නොමැති ඉතාම පිරිසිදු සුන්දර නගරයක් බවට පත් කළ කොළඹ මේ ආකාරයට අවලස්සන අසුන්දර ස්ථානයක් බවට පත්කිරීම පිළිබඳ සමාජමාධ්‍යවල දැඩි විරෝධයක් මතුව තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස