කසළ කන්දෙ ගින්නෙන් කඩොලානට හානියක් නෑ! – බස්නාහිර ආණ්ඩුකාරි

February 22, 2020 at 7:18 am | by emanisa.lk

කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට ගමන් කරන මංතීරුව ආසන්නයේ කැළෑබද ප්‍රදේශයක ඊයේ (20) ගින්නක් හටගත්තේය.

කෙසේ වෙතත් ගින්නෙන් කිසිඳු ආකාරයකින් එහි කඩොලාන පද්ධතියට හානි සිදු වී නොමැති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹෙපොල පවසයි.

ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කරන්නේ කඩොලාන පද්ධතියට හානි වු බවට අසත්‍ය ප්‍රචාර ප්‍රචාරය වන බවය.

කඩොලාන පද්ධතිය සහිත ප්‍රදේශයට මෙම ගින්න පැතිරීමට කිසිදු ඉඩක් ලබා නොදුන් බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස