තමන් තරම් බැනුම් ඇසූ ජනාධිපතිවරයෙකු ඉතිහාසයේ නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
තමා උපත ලබා ඇත්තේම බැනුම් ඇසීම සඳහා බැනුම් ඇසීමේ නැකතින් බවත් තමාට බැනීමට පිරිස් පොළොන්නරුවේ ද ඉන් පිටත ද ඇති බවත් ඔහු පවසයි.
බුදුන්ට දේවදත්ත හිටියා නම් තමන් වැනි පෘථග්ජනයකුට සතුරන් කෙතරම් සිටිය හැකි දැයි ඔහු විමසා සිටියේය.
කෙසේ වුවද මෙවර මැතිවරණයෙන් තමා පළවෙනියා වන බවත් දෙවෙනියා එන්නේ කිලෝ මීටරවක් පසුපසින් බවත් ඔහු අවධාරණය කළේය.