කවුරු ගියත් පොහොට්ටුව වැටෙන්නේ නෑ… ගිය අය අරන් ගියේ ඡන්ද දාහයි…! – ජොන්ස්ටන්….

August 1, 2024 at 11:41 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයන් පක්‍ෂය හැර නොයන බව පාර්ලිමේන්තතු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (31) ඔහු අවධාරණය කළේ, මහින්ද රාජපක්‍ෂ හැර කවුරු පක්‍ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මත තිබීම නිසා ජනතාව පක්‍ෂය හැර නොයන බවත් ගිය අය ඡන්ද 200 ක්, 500 ක් හෝ 1000 ක් ගෙනියනු ඇති බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් පක්‍ෂයේ තීරණයට විරුද්ධ වී නොමැති බවත් එම පිරිසේ සමහරු දෙපැත්තේම පාද තබා ගෙන රඟපෑමක් කරන බවත් ප්‍රනාන්දු මහතා කීය.

කොළඹදී ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තතු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එසේ පැවසීය.

කවුරු ගියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවැටෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු තුනක් තියාගෙන රටක් කළඹන බවත් ඒ මහතා පැවසීය.

අරගලයට ගිය සජිත් ප්‍රේමදාසට ගහලා එලවද්දී ආෂු මාරසිංහ කියන ආකාරයට කූඩාරම් 17 ක් ගහපු අරගලයේ පිරිස ඉල්ලූ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති කළ බවත් බදු අඩු කළ ජනාධිපතිව ගහලා එලවලා බදු වැඩි කරපු කෙනාව ඉල්ලූ බවත් ඔහු සඳහන් කළේය.

පක්‍ෂය හැරදා ගිය පිරිස යෑමට හේතුව කුමක්ද යන්න ජනවතාව දන්නා බවත් පක්‍ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන්න තීරණය කළේ නම් ඔවුන් සජබෙට යන බවත් ප්‍රනාන්දු මහතා පැවසීය.

එසේ වූයේ නම් නඩු බේරගන්න ගියේ යැයි පවසන බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ අලුත් ඡන්ද ලක්‍ෂ 15 කට වැඩියෙන් ගතහැකි අපේක්‍ෂකයෙක් එම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *