කලාවැව යෝජිත රක්ෂිතයේ අඹ වගා ව්‍යාපෘතියක්! පරිසරවේදීන් විරෝධතාවේ!

June 8, 2020 at 1:28 pm | by emanisa.lk

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව පල්ලේකැලේ යෝජිිත රක්ෂිත ප්‍රදේශයේ අක්කර 100ක ප්‍රමාණයක් අඹ වගාවක් සඳහා පුද්ගලික සමාගමට ලබා දී ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති.

මෙම කලාපය නිරන්තරයෙන් අලි ගැවසෙන ප්‍රදේශයක් බවත් පරිසරවේදී සජීව චාමිකර සඳහන් කරයි.

දැනටමත් එම සමාගම විසින් මායිම් ගල් පවා ගෙනත් දමා ඇති බවත් මෙම ව්‍යාපෘතිය පාරිසරික පනත පවා උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටී.

කෙසේ නමුත් මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ මෙම ඉඩම ලබාදී ඇත්තේ නියමිත ක්‍රමවේදයට අනුව බවයි.

එමෙන්ම අක්කර 25ක පමණ ප්‍රමාණයක් ලබා දී ඇති නිසා පරිසර ඇගයීම් වාර්තාවක් අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස