කල් පැනපු ව්‍යවස්ථා සභාව වෙනස් නොකර විජේදාසලා නංදොඩවන්නේ ඇයි!-ආචාර්ය නලින් ද සිල්වා

February 14, 2019 at 2:44 am | by admin

මට තේරෙන්නෙ නැත්තෙ විජයදාස රාජපක්‍ෂලා ව්‍යවස්ථා සභාව ගැන කියවන්නෙ නැතිව ඒක වෙනස් කරන්න කටයුතු කරන්නෙ නැත්තෙ මොක ද කියලා.

මේ ව්‍යවස්ථා සභාව පත්කෙළෙ සම්බන්ධන් විපක්‍ෂ නායක කාලෙ. දැන් මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක. ව්‍යවස්ථා සභාවෙ දහදෙනාගෙන් පස් දෙනකුම පත් කෙරෙන්නෙ අගමැතිගෙ හා විපක්‍ෂ නායකගෙ නිර්දේශ මත.

දැන් තියෙන්නෙ මූලික වශයෙන්ම රනිල්ගෙ හා සම්බන්ධන්ගෙ ව්‍යවස්ථා සභාවක්. ඒකෙ කාලය දැන් ඉවරයි. ව්‍යවස්ථා සභාවට අවුරුදු තුනක් ඉන්න පුළුවන් කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ නැහැ. අවුරුදු තුන තමයි උපරිම කාලය.

විපක්‍ෂ නායක වෙනස් වුණා ම ව්‍යවස්ථා සභාවෙ සංයුතිය වෙනස් වෙන්න ඕන. මහින්ද ව්‍යවස්ථා සභාවෙ සංයුතිය වෙනස් කරන්න කටයුතු කරන්නෙ නැත්තෙ ඇයි?

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *