කල් ඉකුත් වූ කෝටි ගණනක ඖෂධ තොගයක් අත්අඩංගුවට…! රට පුරා බෙදා හැරි ඖෂධ නැවත කැඳවන්න නියෝග…!

June 23, 2021 at 10:49 am | by emanisa.lk

දෙහිවල නැදිමාලේ රබර්වත්ත ප්‍රදේශයේ ඖෂධ ගබඩාවක් පරීක්ෂා කිරීමේ දී ඒහි තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සොයාගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියයි.

ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ද ඒම ඖෂධ ගබඩාවට ගොස් තිබූ අතර කල්ඉකුත් වූ ඖෂධ තොගය ඔහුගේ ද පරීක්ෂාවට ලක් විය.

වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ හා සම පැහැපත්වීම සඳහා භාවිත කරන ඖෂධ තොගයක්  එලෙස  සොයාගත් අතර ඒ්වි විකිණීම වහාම තහනම් කීරීමටත් මෙතෙක් ඒම ඖෂධ ඔසුසල්වල ඇත්නම් ඒ්වා විකිණීම තහනම් කිරීමටත් ඒම අවස්ථාව්ම රාජ්‍ය ඇමැතිවරයා පියවර ගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස