කල්ලි ගැහී කැන්වසින් ගියොත් අත්අඩංගුවට…!

September 8, 2024 at 4:23 pm | by emanisa.lk

ගෙයින් ගෙට මැතිවරණ අත්පත්‍රිකා බෙදා හැරීමට යෑමට හැක්කේ උපරිම වශයෙන් පස් දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.

ඊට වැඩියෙන් පිරිස් ගමන් කරන්නේ නම් ඒ අය සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස්දී ඇතැයිද ඔහු සඳහන් කරයි.

ඇතැම් දේශපාලන පක්ෂවල පස්දෙනෙකුට වැඩි පිරිසක් පෙළපාළි වශයෙන් අත්පත්‍රිකා බෙදා හැරීමට ගෙයින් ගෙට යන බවට තොරතුරු ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එලෙස කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පවසන කොමිසම විවිධ ආරවුල් ඇති වීමට ද එය ප්‍රධාන හේතුවක් බව සභා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *