කල්යල් බලා සේනාධිපතිගෙන් හඬපට මිසයිලයක්! යහපාලන ඇමතිලා කප්පම් ගත් මිලියන 500 වහා දෙනු! නැත්නම් කප්පම් හඬපට එළියට!

January 13, 2020 at 8:45 am | by emanisa.lk

පසුගිය යහපාලන රජයේ ඉහළම ප්‍රබලයන්ගේ පුතාලා බෑණාවරුන් සහෝදරයන් හා හිටපු ප‍්‍රබල ඇමතිවරුන් ගණනාවක් තමන්ගෙන් ඉතාමත් අයුතු ලෙස ලබාගත් කෝටි ගණනාවක් කප්පම් මුදල් වහාම ආපසු ගෙවන ලෙස ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති දැනුම් දී තිබේ.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඔහුගේ සුව දුක් බැලීමට පැමිණි ජනප‍්‍රිය භික්‍ෂූන් වහන්සේ නමක් අත ඒ බව දන්වා යවා ඇත.

තමන්ගේ බිරිඳ සහ දරුවා රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නේ යයි තමන් භීතියට පත් කරමින් ලබා ගත් මිලියන 500 ක් පමණ වන මුදල ඔහු නම් ගම් සහිතව හෙළි කර ඇති අතර එම කප්පම් මුදල් ඉල්ලා සේනාධිපතිට දෙන ලද දුරකතන ඇමතුම් සියල්ල ද පටිගත කර ඇත.

තමන්ට නැවතත් දෙවන රන්ජන් රාමනායක කෙනෙක් වීමට වුවමනා නැති බවත් තමන් ජීවිතයේ ආචාරධර්ම අනුව ජීවත් වන බවද පවසා ඇති ඔහු තමන් සාධාරණ ව්‍යාපාරයෙන් උපයා ගන්නා ලද මුදල කප්පම් ලෙස ගෙවීමට සූදානම් නැති බවත් සඳහන් කර තිබේ.

නමුත් එ්වා ආපසු ලබා නොදුනහොත් තමන් එම හඬපට එළියට දැමීමට දෙවරක් නොසිතන බවත් ඔහු සඳහන් කර තිබේ.

මේ වන විටත් පසුගිය අණ්ඩුවේ හිටපු ප‍්‍රබලයෙක් සේනාධිපතිගෙන් ලබා ගත් කප්පම් මුදලෙන් කොටසක් ගෙදරටම ගෙනවිත් දී ඇති අතර ඉතිරි කොසටද වහා ගෙවන ලෙස ඔහුට දැනුම් දී ඇත.

සේනාධපති විසින් එවකට අල්ලස් කොමිසමේ හිටපු ප‍්‍රධානී දිල්රුක්‍ෂි ඩයස් වෙත ලබා දෙන ලද ඇමතුමක්ද ඔහු විසින් මෑතකදී අන්තර්ජාලයට මුදා හැරි අතර එය මහත් ආන්දෝලනයක් රටතුල ඇති කළ අතර දිල්රුක්ෂි ඩයස්ට සේවයෙන් ඉවත් වන්නටද සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස