කල්මුණේ ප්‍රථම වරට පොසොන් සැමරෙයි! දෙමළ ජනතාවත් එක්වෙයි! මුස්ලිම් ජනතාව අකමැති වෙයි!

June 17, 2019 at 12:34 pm | by emanisa.lk

මෙවර කල්මුනේ ප‍්‍රදේශය් ප‍්‍රථම වතාවට උත්කර්ෂවත් අන්දමින් පොසොන් උත්සවය සැමරීමට කටයුතු යොදා තිබුණි. කල්මුණේ නගර පුරාම විදුලි බල්බවලින් අලෝකවත් කර පහන් කූඩු එල්ලා බෞද්ධ කොඩි ඔසවා පොසොන් උත්සවය සමරන ලදී.

කල්මුනේ ශ‍්‍රී සුභද්‍රාරම විහාරාධිපති රම්මුතුගල සංඝරතන හිමියන් සමඟ යුද හමුදාව සහ පොලිසිය එක්වී මෙම පොසොන් උත්සවය සංවිධානය කළ අතර ඒ සඳහා කල්මුනේ මහ නගර සභාව, කල්මුනේ ව්‍යාපාරික සංගමය, සායින්දමරුදු ව්‍යාපාරික සංගමය, කල්මුනේ පොදු වෙළෙඳපොළ සංගමය හා ද්‍රවිඩ ප‍්‍රජාව ඊට දායකත්වය ලබා දුන්හ. කල්මුනේ නගර මධ්‍යයේ පොසොන් උත්සවය වෙනුවෙන් මහා දන්සලක්ද සංවිධානය කර තිබුණි.

මේ අතර මෙම පොසොන් උත්සවය ජාතික උත්සවයක් ලෙස සලකා කල්මුණේකුඩි, සායින්දමරුදු වැනි ප‍්‍රදේශවලද එය සැමරීමට ආරක්ෂක අංශ විසින් ඉල්ලීම් කළ නමුත් මුස්ලිම් ප‍්‍රදේශවල එම උත්සවය සැමරීම පිළිබඳව අකමැත්ත පළවූ හෙයින් සියලු දෙනාටම පොදු ස්ථානයක් වන කල්මුණේ නගරයේ පොසොන් උත්සවය පැවැත්වීමට කටයුතු කරන ලදී.

පොසොන් උත්සවය සමරන ලෙස ආරක්ෂක අංශ විසින් කල්මුණේ කුඩි සායින්දමරුදු වැනි මුස්ලිම් ජනතාව බහුලව ජීවත්වන ප‍්‍රදේශවල පිහිටි ප‍්‍රධාන මුස්ලිම් පල්ලිවලින් ඉල්ලීම් කළ අතර මේ පිළිබඳව හිටපු රාජ්‍ය අමාත්‍ය එච්. එම්. එම්. හරිස් මහතා විසින් හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව ඒ මහතා ආරක්ෂක අංශ උසස් නිලධාරීන් සමග සාකච්ඡුා පවත්වා කල්මුණේ නගරයේ පමණක් පොසොන් උත්සවය පැවැත්වීමට කටයුතු කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස