කල්මුණේ ගිය දයා, සුමන් ජනතාව හූ කියා පන්නා ගනිති! පොලිස් ආරක්ෂාව මැද ගුටි නොකා බේරි පළා යති! (video)

June 22, 2019 at 7:36 am | by emanisa.lk

කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උසස් කරදෙන ලෙස ඉල්ලා පැවැත්වෙන උපවාසය පස්වැනි දිනටත් පැවැත්වුණ අතර එම ස්ථානයට පැමිණි ප්‍රාථමික කර්මාන්ත සමාජ සවි බල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේට සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන්ට ජනතාව විරෝධය දැක්වූහ.

බහුතර මුස්ලිම් ජනතාව ජීවත් වන කල්මුණේ දකුණ ප්‍රදේශයට ඉඩම් බලතල සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ක්‍රියාත්මක වන අතර බහුතර දෙමළ ජනතාව සිටින කල්මුණේ උතුර ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ඉඩම් බලතල නැති උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉඩම් බලතල ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් කිරීමට මුස්ලිම් දේශපාලකයෝ එරෙහි වෙති.

එම ස්ථානයට පැමිණි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ජනතාව ඇමතූ අතර පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ජනතාව ඇමතන අතර තුර එම ස්ථානයේ සිටි ජනතාව ඔහුට හූ තබමින් විරෝධය දැක්විය.

පසුව අමාත්‍ය දයා ගමගේ මහතා පැමිණ ජනතාව ඇමතූ අතර ඔහුගේ කතාවට ජනතාව විරෝධය දැක්වීම හේතුවෙන් ඔහුට කතාව අතරමග නැවත්වීමට සිදුවිය.

දයා ගමගේ ඇමැතිවරයාට සහ සුමන්තිරන් මන්ත්‍රීවරයාට ජනතාව දැඩි විරෝධය පල කිරීම හේතුවෙන් පොලිසීය මැදිහත්වී ඔවුන් දෙදෙනාව ඒම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබීය. ජනතාව ඔවුන්ගේ වාහනවලට ද පහර දුන්හ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *