කල්පිටිය ඒතාලේ කොළණියේ පිහිටි වේලක්කන්නි දේවමාතාවගේ පිළිරුව සහිත සුරුවමක් විනාශ කළ පුද්ගලයා ගම්මුන් විසින් අල්ලා පොලිසියට භාර දී ඇත.
පසුගිය 15 වෙනි දා පස්වරු 6.30-7.00 අතර මෙම සුරුවම අසලට පැමිණි ඒතාලේ පදිංචි මුස්ලිම් ජාතික 26 හැවිරිදි තරුණයකු මුලින්ම සුරුවම් කූඩුවේ වීදුරුවට පහර දී පසුව පිළිරුව පොළවේ ගසා පළා ගොස් තිබේ.
එය දුටු ගම්මුන් පළා යන පුද්ගලයා ලුහුබැඳ අල්ලා ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වනු ලබන අතර ප්රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් කණ්ඩායම් හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇත.
ප්රදේශවාසීන් විසින් පොලිසියට අල්ලා දුන් සිද්ධියට සම්බන්ධ සැකකරු දැනට පුත්තලම පොලිසියේ රඳවා ගෙන තබා ඇත.