කරූ සුමන්දිරන් එක්ක එකතු වෙලා කොරෝනා මර්දන වැඩපිළිවෙළ අවුල් කරන්න හදනවා! – ශෙහාන් සේමසිංහ

May 2, 2020 at 5:34 pm | by emanisa.lk

මේ රටේ පාර්ලිමේන්තුව සහ එහි සම්ප්‍රදාය අර්බුදයට ලක් කළ එකම කතානායකවරයා කරූ ජයසූරිය බවත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කිරීමට කිසිදු අයිතියක් ඔහුට නැති බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇති අවස්ථාවක කතානායකවරයාට කිසිදු බලයක් නැති බවත් පාර්ලිමේන්තුව අවශ්‍ය නම් නැවත කැඳවිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවත් මෙතෙම පවසයි.

මහ මැතිවරණය පවත්වා අභිනව පාර්ලිමේන්තුව මිස පැරණි පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා සූදානම් නැති බව පවසන ඇමතිවරයා පෙන්වා දෙන්නේ එතෙක් රටේ වියදම් සඳහා ඒකාබද්ධ අරමුදලින් මුදල් ලබාගත හැකි බව ද අවධාරණය කරයි.

කතානායකවරයාට යම් සුළු හෝ බලයක් තිබිණි නම් මේ වන විටත් ඔහු රට අවුල් ජාලයක් කර අවසන් බවත් එම්.ඒ. සුමන්දිරන් නායකත්වය දෙන එජාප කණ්ඩායම සමග එක්ව ⁣සාර්ථක ලෙස ඉදිරියට ගමන් කරන කොරෝනා මර්දන වැඩපිළිවෙළට බාධා කිරීමට සූදානම් නොවන ලෙසත් හෙතෙම වැඩි දුරටත් පවසයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස