කරුණා අම්මාන් චණ්ඩියෙක් නෙමෙයි! බොරු පම්පෝරිකාරයෙක්! – සරත් ෆොන්සේකා

June 22, 2020 at 10:22 pm | by emanisa.lk

කොටි සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක කරුණා අම්මාන් දැන් කියන ආකාරයේ ඝාතන කිරීමට ඔහුට හැකියාවක් නොතිබුණු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.

කිලිනොච්චියේ හෝ අලිමංකඩ කරුණා පැවසූ ගණන් මරා දැමීම බොරුවක් බවත් ඔහු චණ්ඩියෙක් වීමට උත්සාහ කරන බවත් හිටපු හමුදාපතිවරයා අවධාරණය කරයි.

කෙසේ වුවද යටත් වූ හමුදා සෙබළුන් ඔහු මරා දැමූ බවත් එහෙයින් ඔහු යුද අධිකරණයක් වෙත පැමිණවිය හැකි බවත් සරත් ෆොන්සේකා වැඩි දුරටත් සඳහන් කළේය.

තම කොටි සංවිධානයේ සිටි සමයේ දහස් ගණන් පිරිස් ඝාතනය කළ බවට මෑතක සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් හිටපු හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස