කරන්නාගොඩට දඬුවම් කරන්න ඕන! මම රකින්නේ රණ විරුවෝ විතරයි!

March 9, 2019 at 11:06 am | by admin

හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ නීතිමය වශයෙන් වැරැද්දක් සිදුකර ඇත්නම් එයට වහාම දඬුවම් ලබා දියයුතු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ ඒ බව ප්‍රකාශ කළේය. තව දුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා සඳහන් කළේ තමා රණවිරුව ආරක්ෂා කළ ද අපරාධකරුවන් ආරක්ෂා නොකරන බවය.

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා නඟන අයට ආශීර්වාදයක් වූ කුප්‍රකට සුදු කොඩි කතාව පැවසුවේ ද මොහු විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස