කරන්ට් බිල වැඩි කළොත් ආණ්ඩුවෙන් යනවා…! – ජගත් කුමාර…

December 29, 2022 at 6:56 pm | by emanisa.lk

ආණ්ඩුව ජනතාව පීඩාවට පත්වන අයුරින් කටයුතු කරන්නේ නම් එහි ඉන්නවාද නැද්ද යන්න ගැන තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

යළිත් විදුලිබිල වැඩිකළහොත් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වන බව කී මන්ත්‍රීවරයා, ආදායම් වැඩිකර ගැනීම සඳහා වෙනත් යෝජනා ක්‍රියාවට නැංවිය යුතු බව ද සඳහන් කළේය.

විදුලිබිල වැඩි කළහොත් ඉදිරි මැතිවරණවලදී රෙදි ඇඳගෙන ජනතාව අසලටයාමට නොහැකි වන බව කී මන්ත්‍රීවරයා එබැවින් ජනයා තවදුරටත් පීඩාවට පත්නොකර මත්පැන් හා මත්ද්‍රව්‍යවල බදු වැඩිකර ආදායම් සොයාගන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද කීවේය.

ජගත් කුමාර මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *