කරන්ට් කපන්නේ නොරෙච්චෝලේ කැඩුණු නිසා විතරක් නෙවෙයි! 2015 පසු ආණ්ඩුව කිසිම විදුලි බලාගාරයක් හදලා නෑ!

March 22, 2019 at 1:52 pm | by admin

මේ වන විට දිවයින පුරා විටින් විට ක්‍රියාත්මක වන විදුලිබල කප්පාදුවට මූලික හේතුව නොරොච්චෝල බලාගාරයේ ඇදවැටීම පමණක් නොවන බවත් පසුගිය වසර 4 ක කාලය තුළ මෙරට මහාපරිමාණ කිසිදු ව්‍යාපෘතියක් දියත් වී නොමැති බවත් සෝලා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි. ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් මේ බව අවධාරණය කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෝලා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මෙසේ කියා සිටියේය.

“විදුලිය කප්පාදුව ඇවිත් ඉවරයි. ඇයි එහෙම වෙන්නේ. සමහ‍රු කියන්නේ නොරොච්චෝලේ එක එංජිමක් ක්‍රියාවිරහිත වීම නිසා මෙහෙම වුණා කියලා. අපි දකින පැත්ත වෙනස්. 2016 ඉඳන් අද දක්වා වසර 4 ක් තිස්සේ මේ රටේ කිසිදු මහාපරිමාණ විදුලිය නිෂ්පාදන ව්‍යාපෘතියක් සිද්ධ වෙලා නැහැ.”

“අද වෙන කොට සුනිත්‍ය බලශක්ති අධිකාරියේ 2016 සිට මේ දක්වා දාපු, ගිටාවොට් 1.48 ඒ කියන්නේ මෙගාවොට් 1,480 ක අයදුම්පත් තිබෙනවා. සම්පූර්ණයෙන්ම සෝලා. කිලෝවොට් 340 ක් වැනි ඉතා කුඩා මට්ටමේ සිට මෙගාවොට් 5 දක්වා තිබුණු ව්‍යාපෘති නතර වුණා. නතර වීමට හේතුව පැහැදිලි නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස