කරන්ට් කපනවා නම් හිතුමතේ කපන්නේ නෑ…! කාලසටහනක් අනුව පිළිවෙළට කපනවා..! – විදුලිබල ඇමැති…

January 19, 2022 at 6:26 pm | by emanisa.lk

විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

එසේ වුවහොත් කොට්ඨාස හතක් හෝ අටක් ලෙස විදුලිය විසන්ධි කරන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

සමස්ත රටට ම එකවර විදුලිය කප්පාදුවක් නොකරන බව ද විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ සඳහන් කළේය.

කෙසේ වෙතත් අද (19) පෙරවරුවේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම විසන්ධි වී තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *