විවිධ වංචා දූෂණ චෝදනා ලැබූ නිලධාරීන් විසි දෙනෙකු පමණ රජයේ ඉහළ තනතුරු දරන බව අනාවරණය වී තිබේ.
අමාත්‍යංශ ලේකම්වරු, සංස්ථා සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ මෙන් ම අතිරේඛ ලේකම්වරු ලෙස මොවුහු කටයුතු කරති.
මොවුන් සිදුකර ඇති වංචා දූෂණ මේ වන විටත් ඔප්පු වී ඇති බවත් ආයතන මට්ටමින් සිදුකළ විගණන පරීක්ෂණවලින් ද ඒවා තහවුරු වී ඇති බවත් වාර්තා වෙයි.
මොවුන්ගේ නාම ලේඛනය සහ සිදුකළ වංචා පිළිබඳ සියලු තොරතුරු ජනාධිපතිවරයා වෙත ලබා දීමට තවත් නිලධාරීහු පිරිසක් මේ වන විටත් කටයුතු කරමින් සිටිති.