කම්කරු දිනයේ දී පෞද්ගලික අංශයේ මාසික වැටුප රු. 2500කින් ඉහළ දමයි!

May 1, 2019 at 11:18 am | by admin

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික මූලික වැටුප රුපියල් 10000 සිට රුපියල් 12500ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මේ යටතේ පෞද්ගලික අංශයේ දෛනික මූලික වැටුප රුපියල් 400 සිට රුපියල් 500 දක්වාත් ඉහළ නැංවීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා කැබිනට් නොවන අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා සඳහන් කරයි.

අදාළ පනත ලබන සතියේ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස