කම්කරු කොංග්‍රසයත් ආණ්ඩුවට පිටුපායි…! විපක්ෂයේ විශ්වාසංගයට පක්ෂ වෙයි…!

April 25, 2022 at 1:11 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුවට එරෙහි විපක්ෂය ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන් පවසයි.

රටේ ජනතාවගේ හා වතුකර ජනතාවගේ යහපත උදෙසා මෙම තීරණය ගත් බව ඔහු සිය ටිවිටර් ගිණුමේ පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ මෙම තිරණය ගත් බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජීවන් තොණ්ඩමන් වත්මන් ආණ්ඩුවේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර සිය තීන්දුව ආණ්ඩුවට මෙන් ම විරුද්ධ පාර්ශ්ව වෙත ද දැනුම් දුන් බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *