කබ්රාල්ට මහ බැංකුව භාරදීම නරියට කුකුල් කොටුව භාරදීමක්…! – හඳුන්නෙත්ති….

September 14, 2021 at 9:09 am | by emanisa.lk

අජිත් නිවාඩ් කබ්රාල්ට යළිත් මහ බැංකු අධිපති ධූරය දීම නරියාට කුකුළන් බාර දීමක් වැනි යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

2008-2012 කාලයේ දී බිලියන 15කට වඩා බැඳුම්කර වංචාවන් ඔහු යටතේ සිදු වී ඇති බව වෝහාරික විගණන වාර්තාවේ දැක්වෙන බවත් හෙතෙම කීවේය.

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් කොළඹ ජාතික රෝහලට බාරදීම සඳහා ඊයේ (13) පැමිණි අවස්ථාවේදී හඳුන්නෙත්ති මේ බව කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *