කබ්රාල්ගේ ආර්ථික සැලැස්ම අච්චාරුවක්…! ගැමුණු කුමාරයා කිරිබත් කෑවා වගෙයි….! ආර්ථික ලෙඩා ICU එකෙන් එළියට ගැනීම අභියෝගයක්…! – හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති…

October 2, 2021 at 4:40 pm | by emanisa.lk

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සය මාසික ආර්ථික සැලැස්ම දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගියෙකු නැවත සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කිරීම සඳහා වූවක් බව හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති, ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසයි.

කෙසේ වුව ද එහි රෝගියා දැඩි සත්කාර ඒකකයෙන් ගලවා ගැනීමට අමතරව ඉන් එහාට සිදුකරන සැලසුම් ද ඇතුළත් කිරීම නිසා එම සැලසුම අච්චාරුවක් වී ඇතැයි ද ඔහු සඳහන් කරයි. එවැනි සැලසුමක් දියත් කිරීමට මහ බැංකු අධිපතිවරයෙකුට නොහැකි බවත් එය කළ යුත්තේ ජනාධිපතිවරයා බවත් ඔහු අවධාරණය කරයි.

රට හමුවේ ඇති ණය අර්බුදය, විදේශ සංචිත අර්බුදය සහ විනිමය අනුපාත ප්‍රශ්නයට මහ බැංකු අධිපතිවරයාගේ සැලැස්මෙහි නිශ්චිත විසඳුම් නොවූ බව ද විජේවර්ධන පෙන්වා දෙයි.

මෙම සැලසුම ගැමුණු කුමාරයා කිරිබත් කෑමට ගියා වගේ වැඩක් බවත් එහි කිසිදු පිළිවෙළක් නොමැති බවත් මෙවැනි සැලසුමක් මගින් ආර්ථික අර්බුදය ජයගැනීම අභියෝගයක් බවත් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස