කබ්රල් ආවොත් මහ බැංකුව රාජපක්ෂ පිං කැටේ වෙලයි නවතින්නේ…! – චමීර පෙරේරා….

September 9, 2021 at 10:09 pm | by emanisa.lk

අජිත් නිවාඩ් කබ්රාල් ‍නැවත මහ බැංකු අධිපති ධූරය ලබාගතහොත් එය රාජපක්ෂ පවුලේ පිං කැටය වනු ඇතැයි එක්සත් පුරවැසි සන්ධානය පවසයි.

ඇමැතිකම් මන්ත්‍රීකම් අතහැර කබ්රාල් නැවත මහ බැංකුව භාර ගැනීමට සූදානමක් ඇතැයි දැන ගන්නට ඇතැයි එහි කැඳවුම්කරු චමීර පෙරේරා සඳහන් කළේ ය.

මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කළ අර්ජුන් මහේන්ද්‍රන්ට විශ්‍රාම වැටුප ද ඉදිරයේ දී හිමි වනු ඇතැයි ඔහු කීවේ ය.

ආණ්ඩුවේ නම ප්‍රවර්ධනය සඳහා කබ්රාල් CIAකාරයෙකුට මහජන මුදල් ලබා දුන් බවට ද ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කර රට බංකොලොත් කළ බවට ද චමීර පෙරේරා චෝදනා කළේ ය.

අද (09) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *