කපුටන් 225න් එකෙක් වීම ගැන ලැජ්ජයි..! ඩීල් දේශපාලනය ජනතාවට එපා වෙලා…!

May 5, 2022 at 10:12 pm | by emanisa.lk

රටේ ම ජනතාව පාරට බැස ඉල්ලන්නේ කුමක්දැයි ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද නිවැරදිව අවබෝධ කරගෙන නොමැති බව පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසයි.

අද (05) පාර්ලිමේන්තු විවාදයට සහභාගීී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව අසාර්ථක බව මේ වන විට තහවුරු වී ඇති බවත්, තව දුරටත් කල්මැරීමෙන් සිදුවන්නේ රට තව තවත් අගාධයට යෑම පමණක් බවත් රොෂාන් රණසිංහ ප්‍රකාශ කරයි.

ඩීල් දැමීම හේතුවෙන් ජනතාවට දේශපාලනය සම්පූර්ණයෙන් එපා වී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, පෙන්වා දෙන්නේ මැතිවරණයකට ගියහොත් ඡන්ද ලබා ගැනීම කෙසේ වෙතත් ඡන්දදායකයන්ගෙන් ගුටි කෑමට දේශපාලනඥයන්ට සිදුවන බවයි.

දේශපාලනය පමණක් නොව ව්‍යාපාර ලෝකය ද ඩීල්වලින් පිරුණු එකක් බවත් ව්‍යාපාරිකයන් කෝටිපතියන් වී තිබෙන්නේ ඩීල් දමා ගැනීම හරහා රාජ්‍ය දේපළ මංකොල්ල කෑම නිසා බවත් ඔහු පවසයි.

ඇතැම් ව්‍යාපාරිකයන් පාර්ලිමේන්තුවට ද රිංගා ඇති බව පෙන්වා දෙන රොෂාන් රණසිංහ පවසන්නේ රාජ්‍ය දේපළ මංකොල්ල කන ව්‍යාපාරිකයන්ගේ නම් හෙළි කිරීමට තමා සූදානම් බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම කපුටන් ලෙස ජනතාව විසින් හඳුන්වන බවත්, ඉන් එක් කපුටෙකු වීම සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත්වන බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස