කප්රුක කළුකඩකාරයා නිලධාරීන්ගේ කනෙන් රිංගයි! රු. 100 සැමන් ටින් එක ගෙදරට එද්දි රු.850යි! කලින් රු. 550යි!

March 28, 2020 at 8:44 am | by emanisa.lk

පසුගියදා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම නිසා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් වැටලූ කප්රුක ඔන්ලයින් අලෙවි ආයතනය නැවතත් සිය ජාවාරම ආරම්භ කර තිබේ.

ඒ භාණ්ඩවල සාමාන්‍ය මිල ගණන් සඳහන් කර එය ප්‍රවාහන ගාස්තුව රු. 750ක් ලෙස අය කරමිනි. මේ අනුව එහි විකිණෙන රු. 50 සන්ලයිට් කැටයක් නිවසට රැගෙන එන විට රු. 800කි.

රු. 100 සැමන් ටින් එකක් නිවසට රැගෙන එන විට රු. 850කි. එහෙත් පාරිභෝගික සේවා අධිකාරිය වටළන අවස්ථාවේ සැමන් ටින් එකක් රු. 550කට නිවසට ගෙන්වාගත හැකිව තිබිණි.

භාණ්ඩ පාර්සලයක් සඳහා ප්‍රවාහන ගාස්තු අය නොකර ඒ ඒ බඩුව සඳහා අය කිරීම විශේෂත්වයකි.

මෙම ආයතන හිමිකරු දුලිත් හේරත් පසුගිය ජනාධිපතිවරණයට තරඟ කළ රොහාන් පල්ලෙවත්තගේ ඡායා කැබිනෙට්ටුවේ ඩිජිටල් ඇමතිවරයා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස