කන්දකාඩු උපදේශකට සහ දරු දෙදෙනාට කොරෝනා! දරුවාගේ පන්තියේ සිසුන් 70ක් නිරෝධායනයට!

July 11, 2020 at 3:39 pm | by emanisa.lk

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ නිලධාරියෙකුට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

මෙම උපදේශක නිලධාරියා අනුරාධපුරය ප්‍රදේශයේ සිට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ජුලී මස 01 වෙනිදා පැමිණ ඇති අතර ඔහු යළි 02 වෙනිදා අනුරාධපුර තිසා වැව පිහිටි සිය කඳවුර වෙත ගොස් තිබේ.

එලෙස පැමිණි එම නිලධාරියාගේ ඥාතියෙකුගේ අවමංගල්‍යයක් හේතුවෙන් කඳවුරට ඇතුළු නොවී යලි රාජාංගනය යාය 05 ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස වෙත ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇත.

මෙම නිලධාරියාගේ ඥාතියාගේ අවමංගල උත්සවය පැවති රාජාංගනය යාය 03 හි පිහිටි ස්ථානය වෙත ගොස් ඇත. එම අවමංගල උත්සවයේ අවසන් කටයුතු ජුලි මස 03 වෙනිදා සිදුව ඇති බව ද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම උපදේශකවරයා සහභාගිවූ අවමංගල උත්සවයට සහ දානය වෙනුවෙන් සහභාගිවූ බව කියන පුද්ගලයින් 230 දෙනෙකු හඳුනා ගෙන ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව ද හමුදාපතිවරයා පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ උපදේශකවරයාගේ දරුවන් දෙදෙනා වයස අවුරුදු 11ක සහ අවුරුදු එකහමාරක පසුවන බව හමුදාපතිවරයා කියා සිටියේය.

කොරෝනා වෛරසය ආසාදනය වූ එකොළොස් වියේ පසුවන දරුවා පසුගිය ජුලි 4, 6 සහ 07 යාන දිනවල දී පාසැල් ගොස් ඇති බවත් ඔහුගේ පන්තියේ සිටින සිසුන් 70 දෙනෙකු සොයා ගෙන ඇති අතර ඔවුන්ව නිවසේදීම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට කටයුතු යොදා ඇති බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස