කන්දකාඩුවෙන් කොරෝනා සමාජගත වී දැයි සැකයක්? සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ආරක්ෂවන්න!- හමුදාපති ජනතාවගෙන් ඉල්ලයි….

July 14, 2020 at 4:19 pm | by emanisa.lk

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ නිලධාරීන් මේ වන විටත් නැවත කැඳවුව ද ඉදිරි දින කිහිපය තුළ සමාජයෙන් ආසාදිතයන් හමු වීමේ අවදානමක් නැතැයි කීමට නොහැකි බව යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ වන විට කන්දකාඩු කොරෝනා ආසාදිතයන්ගේ හඳුනාගත් ආශ්‍රිතයන් 800ක් පමණ නිරෝධායනයට යොමු කර තිබුණ ද එම පිරිස සමාජය සමග මුහු වී ඇති නිසා සමාජයෙන් රෝගීන් මතුවීමේ අවදානමක් ඇති බව හමුදාපතිවරයා සඳහන් කරයි.

එහෙයින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රෝගවාහකයන් සහ ආසාදිතයන් නොවී වගකීමෙන් යුතුව හැසිරෙන ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *