කන්තලේ දුප්පත් ජනතාවට සමෘද්ධි ටී ෂර්ට්ස් විතරලු! බස් දාලා සමෘද්ධි ප්‍රදාන උළෙලට ගෙන ගියත් සමෘද්ධිය දීලා නෑ! (video)

June 23, 2019 at 9:22 pm | by emanisa.lk

කන්තලේ ප්‍රදේශයේ දුප්පත් ජනතාව විශාල පිරිසකට සමෘද්ධි දීමනාව ලබා දෙන බව ප්‍රකාශ කර ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උළෙලට රැගෙන ගිය ද මෙතෙක් තමන්ට සමෘද්ධි දීමනාව නොලැබුණු බවට ඔවුහු චෝදනා කරති.

ඇතැම් පුද්ගලයන් තමන් උපන් දා සිට යූඇන්පී බව ප්‍රකාශ කළ අතර තවත් අයකු ප්‍රකාශ කළේ තමන් පොහොට්ටුවේ යැයි පවසා සමෘද්ධිය කපා ඇති බවය. පක්ෂ පාට ජාති ආගම් කුල භේදයකින් තොරව දුප්පත් ජනතාවට ලබා දෙන බව කී සමෘද්ධි දීමනාව ලබා දීමේ දී මෙවැනි අක්‍රමිකතාවක් සිදු වූයේ කෙසේද යන්න සොයා බැලීම බලධාරීන්ගේ වගකීමකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස