ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ වැටුප පක්ෂයේ පොදු අරමුදලකට යන බව එම පක්ෂය විසින් පවසා ඇති බැවින් කතානායක ජගත් වික්‍රමරත්නගේ වැටුප ද ඊට බැර වන බව දයාසිරි ජයසේකර සඳහන් කරයි.
කතානායක ධුරය යනු ස්වාධීන තනතුරක් බවත් එවන් ස්වාධීන තනතුරක් දරන පුද්ගලයකුගේ වැටුප පක්ෂයක අරමුදලට බැර වන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් බවත් හෙතෙම සඳහන් කරයි.
ස්වාධීන තනතුරක් දරන්නෙකු පක්ෂයක ගිණුමකට තම වැටුප බැර කරන විට එම ස්වාධීන තනතුරට වන්නේ කුමක්දැයි දයාසිරි ජයසේකර විමසයි.
කතානායකවරයා නිල නිවස භාවිතයට ගෙන නැති බවත් ඔහු සිටින්නේ කොහේදැයි කිසිවකු නොදන්නා බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.