කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්… ලේකම්වරයාත් රාජ්‍ය දේපළ අවභාවිතයේ… අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

July 4, 2025 at 6:25 pm | by emanisa.lk

නිල නිවාස දෙකක් සහ නිල වාහන දෙකක් වෙනුවට තුනක් භාවිත කිරීම සහ සිය පෞද්ගලික ලේකම් වෙත සපයා තිබෙන පහසුකම් පිළිබඳව චෝදනා කරමින් කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව අද (04) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දී තිබේ.

කථානායක වෙත නිල නිවසක් ලබා දී ඇති පසුබිමක කොළඹ 04, ලෝරිස් පටුමඟ, අංක 02 දරන ලිපිනයේ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් මහල් නිවාස සංකීර්ණයේ අංක 8/1 දරන නිවාස 2025 ජනවාරි මාසයේ සිට භාවිත කරන එමගින් පෙන්වා දී තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු මහ ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති 14/2025 දරන පරිපාලන චක්‍රලේඛයට අනුව කථානායක වෙත භාවිත කළ හැකි නිල වාහන ගණන දෙකක් එන නමුත් ඔහු නිල වාහන තුනක් භාවිත කරමින් සිටින බව ද පැමිණිල්ලේ දක්වා ඇත.

තවද කථානායකවරයා තමන්ගේ පෞද්ගලික ලේකම්ට ද ලෝරිස් පටුමඟ නිල නිවසේ නවාතැන් දී තිබෙන බවත් ඔහුට ආහාර සැපයීම ද පාර්ලිමේන්තු වියදමින් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත. මේ අතර පෞද්ගලික ලේකම් වෙත නිල වාහන, ඉන්ධන ලබා දී තිබියදී ඔහු ද භාවිත කරන්නේ කථානායකවරයාගේ වාහන බවට ද චෝදනා කර සිටියි.

මේවා පොදු දේපළ පනත යටතේ මෙන්ම දුෂණ විරෝධී පනත යටතේද ගැනෙන වැරදි ලෙස පැමිණිල්ල ගොනු කළ නව ජනතා පෙරමුණ පෙන්වා දී ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *