කතානායකගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේද මත දෙයක් පවතින බව අභ්‍යන්තර දේශපාලන අරෙංචි මාර්ග වාර්තා කරයි.
එහිදී ජාතික ජනබලවේගය ලෙස ආණ්ඩුව සමඟ එක්ව සිටින කොටස කතානායක අශෝක රන්වල වහාම ඉල්ලා අස්විය යුතු බවට දැඩි ස්ථාවරයක් ගෙන ඇත.
ඉතිහාසයේ 3%කට වැටී තිබූ ජනතා විමුක්ති පෙරමුණ රටේ පාලන බලය ගැනීමට සමත්වූයේ ජාතික ජනබලවේගය ලෙස තම පාර්ශ්වයන්ගේ මැදිහත්වීම නිසා බවත් එබැවින් ජනවරමේ මෙන්ම තමන්ට ද හෙට දිනයේ සමාජයෙන් අපවාදයට ලක්නොවී සිටීම සඳහා කතානායක ගේ ඉල්ලා අස්වීම අනිවාර්ය බව මේ පාර්ශ්ව පෙන්වා දී ඇත.
කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ඇතුළු පූර්ණ කාලීන සාමාජිකයන් රැසක් ඊට වෙනස් ස්ථාවරයක් ගෙන ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙන්නේ අදාළ චෝදනාව රන්වල වැනි පක්ෂයේ ප්‍රබලයකු අහිමි කරගනිමින්, දේශපාලනය කිරීමට තරම් ප්‍රබල හේතුවක් නොවන බවයි. ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීම කතානායක ධූරය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අත්හැර යාමට තරම් ප්‍රබල චෝදනාවක් නම් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන අනෙක් මැතිඇමතිවරුන් ද ඒ අනුව ක්‍රියාත්මක වී ඉල්ලා අස්වීමට අවශ්‍ය බව ජවිපෙ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඇතුළු ප්‍රබලයන්ගේ ස්ථාවරය වී ඇති බවත් වාර්තා වෙයි.
එසේ වුවහොත් තවත් කිහිපදෙනෙකු සමඟ මාලිමාවේ සියලු කුණු ඉවත් කළ බව පවසා සැලකිය යුතු දේශපාලන වාසියක් ගතහැකි බවද ඔවුන් පෙන්වාදී තිබේ. ඒ හැර රන්වල සහෝදරයා පමණක් මේ මොහොතේ දේශපාලන බිල්ලක් ලෙස පාවිච්චි කිරීම කොහෙත්ම අනුමත කළ නොහැකි බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.
මෙම ජවිපෙ ක්‍රියාකාරීන් ආණ්ඩුවේ ප්‍රබලයන් වෙත වැඩිදුරටත් දන්වා ඇත්තේ රන්වල සහෝදරයා වෙනුවෙන් මේ මොහොතේ සාමූහික පෙනී සිටීමක් සඳහා ජවිපෙ පෙරමුණ ගත යුතූව ඇති බවයි.
එසේ නොවුවහොත් ජාතික ජනබලවේගය තුළ ජවිපෙ සතු ශක්තිය හීනවී, “සුඛෝපභෝගී ජීවිත ගෙවමින් තෙල් මන්ද දියකර ගැනීමට දේශපාලනය කිරීමට පැමිණි පිරිසක්” බලවත් වනු ඇති බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.