කතරගම දේවාලයේ භානු බෑ කියද්දී රැගෙන යති…!

September 14, 2021 at 6:07 pm | by emanisa.lk

ශ්‍රි ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයට පත්කර තිබූ අලි පැටවුන් 13 දෙනෙකු නැවත භාරකරුවන් විසින් රැගෙන යෑමට කටයුතු කරමින් තිබේ.

ඒ නඩු භාණ්ඩ සන්තකයේ තිබූ අය වෙත නැවත එම අලි පැටවුන්  භාරදෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කිරීමත් සමගය.

ඒ අනුව මේ වනවිටත් අලි කිහිපදෙනෙකු පසුගිය දින කිහිපය තුළ රැගෙනගොස් ඇත.

රිදියගම සෆාරි උද්‍යානයේ සිටි කතරගම දේවාලයට අයත් බව කියන ”භානු” නමැති අලියා ද මෙලෙස අද (14) දින රැගෙන යෑමට කටයුතු කර තිබුණි.

ඒ කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා විසිනි.

නීතිවිරෝධීව සන්තකයේ තබාගත් බව පවසමින් 2015 වසරේදී අලි අත්අඩංගුවට ගැනීමේදී මෙම අලියා ද අත්අඩංගුවට ගෙන තිබුණි.

මුල් කාලීනව පින්නවල අලි අනාථාගාරයේ රඳවා තිබූ මෙම අලියා 2019 වර්ෂයේ සැප්තැම්බර් 07වන දින රිදියගම සෆාරි උද්‍යානය වෙත රැගෙනවිත් ඇත.

කෙසේ වෙතත් අලියා රැගෙන යෑමට ලොරි රථය රැගෙනවිත් තිබූ අවස්ථාවේදී එම ස්ථානයෙන් පිටත්වීමට අලියා කැමැත්තක් නොදක්වන බව දැකගන්නට ලැබුණි.

එහෙත් අලියා ලොරියක නංවා රැගෙන යාමට පිරිස කටයුතු කළේය.කතර

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස