කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් එහි නවාතැන් ගෙන සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.
අද (11) උදෑසන 8.30ට පමණ මෙම පිපිරීම සිදුව ඇත.
ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් 32 හැවිරිදි කාන්තාවක් සහ 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.
උදේ ආහාර පිළියෙළ කිරීමට යාමේ දී මෙම ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇතැයි පොලිසිය පවසයි.