කඩු 300ක් පිටකොටුවෙන් අල්ලයි! කඩු ගෙනාවේ ගොවිතැනටලු! වෙළෙඳසැලේ අයිතිකරු පළා යයි!

May 4, 2019 at 1:28 pm | by admin

පිටකොටුව, 3 වන හරස් වීදියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලක තිබී කඩු 300ක් සහ මන්නා පිහි තොගයක් ආරක්‍ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.

කෘෂිකර්ම කටයුතු සඳහා යොදා ගැනීමට යැයි පවසමින් එම ආයුධ තොගය මෙරටට ගෙන්වා ඇති බව වාර්තා වූ අතර අදාළ වෙළඳසැලේ හිමිකරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙයි.

මෙයට පෙර එජාප මන්ත්‍රී මුජිබර් රහ්මාන්ගේ හිතවතෙකු වන කොළඹ නගර සභාවේ එන්.එම්. තාජුඩීන් මන්ත්‍රීවරයා කඩු 300ක් චීනයෙන් ගෙන ආ බව වාර්තා විය.

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් ප්‍රකාශ කළේ කොම්පඤ්ඤ වීදියේ මුස්ලිම් පල්ලියක තිබී හමු වූ කඩු පල්ලිය වටා සුසානභූමිවල කැලෑ කැපීම සඳහා ගෙන ආ බවය. කෙසේ වුවද කොම්පඤ්ඤවීදියේ කිසිම කැලෑවක් නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස