කටුවාපිටියේ බෝම්බකරුගේ බිරිඳ ජීවත් වන බවට සාක්ෂි නෑ…! – සරත් වීරසේකර…

June 19, 2021 at 7:47 am | by emanisa.lk

කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරුණු ත්‍රස්තවාදියාගේ බිරිඳ වන සාරා පුලස්තිනී ජීවතුන් අතර සිටින බවට කිසිදු සාක්ෂියක් හමුවී නොමැති බවත් බොහෝ විට ඒ පිළිබඳ පැතිරෙන කතා ඕපාදූප විය හැකි බවත් මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

“සාරා කියන කාන්තාව ජීවත්වෙලා ඉන්නවාද නැද්ද කියන එක සම්බන්ධව තාම ස්ථිර නැහැ. මොකද ඇය ජීවත්වෙලා ඉන්නවා කියලා කියපු සාක්ෂි සියල්ලක් ම පරස්පර විරෝධීයි සාවද්‍යයි කියලා ඔප්පුවෙලා තියෙනවා. ඒ හින්දා දැනට ඒ DNA අපි පරීක්ෂා කළා දෙපාරක්. තව පාරක් නැවත වරක් මළසිරුරු ගොඩ අරගෙන පරීක්ෂා කරන්න නීතිමය සහාය ඉල්ලලා තියෙනවා. ඉතිං සාරා ජීවත් වෙනවා කියන එක ගැන කිසිම නිත්‍ය තොරතුරක් තාම සනාථ වෙලා නෑ.

දෙවැනි එක තමයි සහරාන්ගෙ බිරිඳ හාදියාව සීඅයිඩී එකෙන් මං හිතන්නෙ දවස් ගණනාවක්ම ඇයගෙන් ප්‍රශ්න කරලා තියෙනවා, ඇයගෙන් තොරතුරු ලබාගෙන තියෙනවා, අර බෝම්බය තිබ්බ ත්‍රස්තවාදියා සමග බුද්ධි නිලධාරීන් හිටි බවට මට නම් කිසිම සාක්ෂියක් නෑ. ඒක බොහෝවෙලාවට ඔය මිනිස්සු කියන ඕපාදූප එකක් වෙන්න ඇති. නමුත් ඒවායෙ තියෙනවා නම් ඔහුවත් දැනට අපි කටයුතු කරලා ඇති. මොකද මේකෙ කිසිම සැකකරුවෙක්ව හංගන්න මේ රජයට කිසිම වුවමනාවක් නෑ”

අමාත්‍ය සරත් වීරසේකර මේ බව පැවසුවේ ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *